බේරුවල ධීවර වරාය නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ, කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් 10 දෙනෙකු හඳුනාගනීමත් සමඟයි.
බේරුවල ධීවර වරායේ සිට පෑලියගොඩ මත්ස්‍ය වෙලදපොළ වෙත මසුන් රැගෙන ගිය ලොරි රථ රියදුරන් හා සහායක පුද්ගලයින් 10 දෙනෙකුට මෙලෙස වෛරසය ආසාධනය වී ඇති බව සඳහන්.
බේරුවල ධිවර වරාය පරිශ්‍රයේ ඊයේ දිනය තුළ පමණක් අහඹු පීසීආර් පරීක්ෂණ 100ක් සිදුකර තිබෙනවා.
ඒ අනුව ඊයේ රාත්‍රිය වන විට එහි 16ක වාර්තා නිකුත් වී ඇති අතර ඊට අනුවයි 10 දෙනෙකු කොවිඞ් නයින්ටීන් ආසාදිතයින් බව තහවුරු වී ඇත්තේ.
අද දිනයේ ද බේරුවල ධිවර වරාය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීමට නියමිතයි.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක