බොරැල්ලේ ස්ථාන කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ගෝතමීපුර 24 වත්ත සහ 78 වත්ත මෙන්ම ගෝතමීපුර මහල් නිවාස වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර ඇති බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ.
මේ අතර, ග්‍රෑන්ඩ්පාස්, පංචිකාවත්ත සහ දෙමටගොඩ යන ප්‍රදේශවලට පනවා තිබූ හුදකලා තත්ත්වය හෙට අලුයම 5 සිට ඉවත් කරන බව හෙතෙම කියා සිටියා.
එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල, වැලිකඩ මුල්ල ග්‍රාමනිලධාරී වසමේ ධූවවත්ත ප්‍රදේශයේ හුදකලා භාවය ද හෙට අලුයම 5 ට ඉවත් කිරීමට නියමිතයි.
කිරිබත්ගොඩ, හුණුපිටිය උතුරු ග්රාමනිලධාරි වසමේ වෙඩිකන්ද ප්‍රදේශයේ හුදකලා භාවය ද හෙට අලුයම ඉවත් කරනු ඇති.
හෙට අලුයම 5ට හුදකලා භාවය ඉවත් කෙරෙන අනෙක් ප්‍රදේශය වන්නේ මීගමුව, තල්දූව ග්‍රාමනිලධාරී වසමේ එම් සී නිවාස යෝජනා ක්‍රමයයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්