බොරැල්ල සිට පිටකොටුව දක්වා බස් ප්‍රමුඛතා මංතිරුව අද (22) දිනයේ සිට ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් රථවාහන මුලස්ථානය පවසයි.
මෙහි පළමු අදියර ලෙස ජූනි මස 8 වන දින සිට ගාලු පාරේ මොරටුව සිට ඕල්කට් මාවත දක්වා ක්‍රියාත්මක කෙරිණි. ඒ අනුව අද (22) දින සිට මංතීරු නීතිය ක්‍රියාත්මක වන්නේ දෙවැනි අදියර ලෙසයි.
බස් ප්‍රමුඛතා මංතීරුව තුළ පුද්ගලික බස් ,ජංගම බස්රථ ,මගී ප්‍රවාහන බස් රථ මෙන්ම මගීන් 20 ට වැඩි පුද්ගලික බස් රථ මෙහි ධාවනය කිරීමට අවසර හිමිවන බව පොලිස් රථවාහන මුලස්ථානය සඳහන් කරයි.
බස් ප්‍රමුඛතා මංතීරු නීතිය උදෑසන 6 සිට 9 දක්වා ක්‍රියාත්මක කෙරේ.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට