බොලීවියානු අන්තර්වාර ජනාධිපතිනි ජෙනින් ආසෙස් හට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
සිය ට්විටර් ගිණුම ඔස්සේ විඩියෝ පටයක් මුදාහරිමින් ඇය ප්‍රකාශ කර ඇත්තේ වෛරස පරික්ෂාවක දී තමා කොවිඩ් ආසාදිතයකු බවට තහවුරු වී ඇති බවය. එම නිසා තමන් සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව ස්වයං නිරෝධායනයට ලක්ව ප්‍රතිකාර ලබන බව ජනාධිපතිනිය ප්‍රකාශ කර තිබෙනවා.
වෛරසය ආසාදනය වු බවට තහවුරු වී ඇති බොලීවියානු අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු පිළිබඳවද ජනාධිපතිවරිය සිය ට්ව්ටර් පණිවුඩය මඟින් වැඩිදුරටත් සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
More Stories
ග්‍රීන්ලන්ත නායකයන්ගෙන් ට්‍රම්ප්ගේ ප්‍රකාශයට දැඩි විරෝධය
විදෙස් ආයෝජන කෙරෙහි චීනයේ දායකත්වය අඛණ්ඩව ඉදිරියට
චීන සහ විදේශීය තාරකා විද්‍යාඥයින්ගේ නව ජයග්‍රහණයක්