බෝඅඕ ආසියානු සංසදයේ 2024 වාර්ෂික සමුළුවේ “බුද්ධිමය දේපළවල තිරසර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම ” යන තේමාවෙන් යුත් ඉහළ මට්ටමේ වටමේස සාකච්ඡාව ඊයේ (28) පැවැත්විණ. එක්සත් ජාතීන්ගේ 2030 තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට අවධානය යොමු කරමින් බුද්ධිමය දේපළ ප්‍රතිසංස්කරණය සහ කාර්මික නවෝත්පාදනයන් හරහා ගෝලීය තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම පිළිබඳව එම සමුළුවේ දී ගැඹුරින් සාකච්ඡා කර ඇත.
මෑත වසරවලදී, විද්‍යා හා තාක්ෂණික නවෝත්පාදනයන් හරහා කාර්මික නවෝත්පාදනයන් චීනය අඛණ්ඩව ප්‍රවර්ධනය කර ඇති අතර හරිත කර්මාන්තය ද සමෘද්ධිමත් ලෙස දියුණු කර ඇත. දැනට ලෝකයේ සුළං බලශක්ති උපකරණවලින් 50% ක් සහ ප්‍රකාශ වෝල්ටීයතා මොඩියුල උපකරණවලින් 80% ක් චීනය සතුය. එමෙන්ම චීනයේ නව බලශක්ති වාහන නිෂ්පාදනය සහ අලෙවිය අනුව අඛණ්ඩව වසර අටක්ම චීනය ලොව පළමු ස්ථානයට පත්ව ඇත. හරිත කර්මාන්තවල වේගවත් දියුණුව උදෙසා බුද්ධිමය දේපළ නවෝත්පාදනය ප්‍රබල සහයක් සපයන බව ද එම සාකච්ඡාවට සහභාගි වූ නියෝජිතයන් ප්‍රකාශ කර ඇත.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්