මත්ද්‍රව්‍ය භාවිතය සහ ජාවාරම් කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රැඳවියන් 10 දෙනෙකු පෙරේදා පැරණි බෝගම්බර බන්ධනාගාරයේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානයෙන් පලා යාමට උත්සහ දරා තිබෙනවා.
ඒ සිය ඇලුමිනියම් පිඟාන තියුණු ආයුධයක් සේ සකස් කර, බන්ධනාගාර නිලධාරියෙකු බිය වද්දමින්.
එහිදී ක්‍රියාත්මක වූ බන්ධනාගාර නිලධාරියා රැඳවියන් සමග පොරබැද ඇති අතර, තත්ත්වය පාලනය සඳහා සෙසු නිලධාරීන් ද, ක්‍රියාත්මක වී තිබෙනවා.
බන්ධනාගාර කොමසාරිස්වරයා පැවසුවේ, එම අවස්ථාවේ ආරක්ෂිත මුර කුටිවල සිටි නිලධාරීන් අහසට වෙඩි තැබිමක් ද සිදුකර ඇති බවයි.
රැඳවියන් සමඟ පොර බැදීමෙන් සුළු තුවාල ලැබූ බන්ධනාගාර නියාමකවරයා රෝහල්ගත කෙරුණු අතර, ඔහු සුවය ලබා මේ වනවිට රෝහලින් පිටව ගොස් තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් අභ්‍යන්තර විමර්ශනයක් ද ක්‍රියාත්මක වනවා.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි