බෝගම්බර බන්ධනාගාරයෙන් පළා යාමට තැත්කල රැඳවියන් 05 දෙනෙකුට එහි ආරක්ෂක අංශ විසින් වෙඩි තබා තිබෙනවා.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුශාර උපුල්දෙණිය මහතා කියාසිටියේ එහිදී එක් රැඳවියෙකු මියගොස් ඇති බවයි.
ඊයේ මධ්‍යම රාත්‍රියේදී රැදවියන් පිරිසක් පලායාමට තැත් කිරීමේදී එය වැළැක්වීමට බන්ධනාගාර නිළධාරින් පියවර ගත් අවස්ථාවේදී බන්ධනාගාරය තුල උණුසුම් තත්වයක් හටගෙන තිබෙනවා.
මෙහිදී එක් රැදවියෙකු බන්ධනාගාර තාප්පයෙන් පැන පලාගොස් ඇති අතර අල්ලාගත් රැදවියන් 03 දෙනාගෙන් අයෙකු තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
පලාගිය රැදවියා අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය සහ විශේෂ කාර්යය බළකාය මේවනවිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.
බෝගම්බර බන්ධනාගාරය තුල අලුයම හටගෙන ඇති ගැටුම්කාරී තත්වය මේවනවිට පාලනය කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණයක් කිරීමට බන්ධනාගාර අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ කණ්ඩායමක්ද පත්කර තිබෙනවා.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග