ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සිදුකෙරෙන මිනිස් ජාවාරම මැඩපැවැත්වීමේ අරමුණින් යුතුව ඕස්ට්‍රේලියානු රජය විසින් මෙරට පොලිසිය වෙත ඩ්‍රෝන 5 ක් පරිතයාග කර තිබේ.
ඔස්ට්‍රේලියාව විසින් ආවේක්ෂණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මකත කර ඇති අතර ඒ යටතේ රටවල් රැසකට මෙලෙස ඩ්‍රෝන යානා ලබාදී තිබේ.
ඒ අනුව, ශ්‍රි ලංකාවට ද ඩ්‍රෝන යානා පහක් ලබාදුන් බව ඕස්ට්‍රේලියාවේ දේශසීමා අණදෙන නිලධාරී රියර් අද්මිරාල් මාර්ක් හිල් මහතා පවසා ඇත.
මිනිස් ජාවාරම සිදුකරන පුද්ගලයින් සැඟව සිට ඔවුන්ගේ මෙහෙයුම් කටයුතු සිදුකරන බවත් එම ප්‍රදේශවලට ළඟාවීම සඳහා එම ඩ්‍රෝන යානා මඟින් විශාල සහයක් ලැබෙන බවත් මාර්ක් හිල් මහතා පවසයි.
මෙම පරිත්‍යාගයත් සමඟ මෙම ඩ්‍රෝන යාත්‍රා මෙහයවිමට අදාළ පුහුනුවක් ද ලබා දීමට නියමිතයි.
- මුලාශ්‍ර අරුණ පුවත්පත
More Stories
බ්‍රික්ස් රටවල නව සංවර්ධන බැංකු මූලස්ථාන පරිශ්‍රය නිරීක්ෂණයට චීන ජනපති එක් වෙයි
Boeing සමාගමේ ගුවන් යානා ප්රශ්නය සම්බන්ධයෙන් චීන වාණිජ අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්
චීන ජනපති ෂැංහයි නගරයේ නිරීක්ෂණ චාරිකාවක