ලොව වේගවත්ම ක්‍රීඩකයා ලෙසින් සැලකෙන උසෙයින් බෝල්ට් මීටර් 200 ඉසව්වෙන් තබා තිබූ 18 වසරක් පැරණි වාර්තාවක් බිඳ හෙළන්නට ඇමරිකානු ජාතික එරියන් නයිටින් සමත් වූයේය.
ඒ මීටර 200 පිරිමි ඉසව්වක් වෙනුවෙන් වයස අවුරුදු 18න් පහළ ක්‍රීඩකයෙකු දක්වා තිබූ ලොව හොඳම දක්ෂතාවේ වාර්තාවය.
31 වැනිදා ජැක්සන් විල්හිදී පැවැති ඇමරිකානු ‘ට්‍රැක්’ ලීගයේදී පැවැති මීටර 200 පිරිමි අවසන් තරගය තත්පර 20.11ක කාලයක් වාර්තා කර ජය ගනිමින් නයිටින් මෙම වාර්තාව පිහිටුවීය.
ඇමරිකාවේ කෙටිදුර ධාවන ඉසව්වන්හී ප්‍රධානතම ඔලිම්පික් බලාපොරොත්තුවක් වන ට්රවෙන් බ්රෝමෙල් ද මෙම ඉසව්වේදී ලාබාල නයිටින් හමුවේ පරාජය වීම විශේෂත්වයකි. තවමත් 17 වන වියෙහි පසුවන නයිටින් ෆ්ලොරීඩා ප්‍රාන්තයේ ජීවත් වේ.
මෙයට ප්‍රථම මෙම වාර්තාව 2003 වසරේදී තත්පර 20.13කින් මීටර 200 ඉසව්වක් අවසන් කරමින් බෝල්ට්, බාර්බඩෝස් හිදී පිහිටුවා තිබිණී.
වයස අවුරුදු 18න් පහළ මීටර 100 ඉසව්වේ ලෝක වාර්තාව තත්පර 10.15ක් ලෙස දැක්වෙන අතර, මීට ඉහතදී තත්පර 10.16කින් ඉසව්ව අවසන් කළ නයිටින්ට මෙම වාර්තාව තත්පර 0.01කින් මගහැරී තිබේ. කෙසේ නමුත් නයිටින් සුළඟේ වේගය ධන 2.7ක් වූ අවස්ථාවකදී මීටර 100 ඉසව්ව තත්පර 9.99කින් අවසන් කර ඇතැයි වාර්තාවල සඳහන් වේ.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි