තාථගත බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද නිර්මල බුද්ධ
ධර්මය හා ශාසනික සම්ප්‍රදායන් විකෘති කරන පිරිස්වලට එරෙහිව
ගිහි පැවිදි සැම ගත යුතු මග සම්බන්ධයෙන් යෝජනාවලියක් ගරු
ජනාධිපති තුමා විසින් පත්කරන ලද උපදේශක සභාවට භාර දීම
සම්බන්ධයෙන් රට දැනුවත් කරන මාධ්‍ය හමුවක් රාජගිරිය
පාර්ලිමේන්තු පාරේ පිහිටි ජයසේකරාරාමයේ දි 2021.04.05 දින
පස්වරු 2 30ට පැවැත් විනි.
ඉතිහාසයේ ධර්මය හා විනය සම්බන්ධව ගැටළු ඇති වු අවස්ථාවලදි
රාජ්‍ය නායකය එයට මැදිහත් වු බව මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර
මහතා කියා සිටිහ. බුදු දහම කියන්නේ විවෘත දහමක් එය
විවේචනය කළ හැකි වුවත් එය විකෘති කිරිමට කිසිවෙකුට අයිතියක්
නැති බවයි. ආචාර්ය පුජ්‍ය ඕමල්පේ සෝභිත නායක හිමියන්ගේ
අනුශාසනා කරමින් මේ ආණ්ඩුව හරහා ධර්ම විකෘති කරන පිරිස්
සදහා වැටබදින්න ඕනෑ.ඊට අවශ්‍ය නීතිමය රාමුව සකස් කර ගැනිමට
අප සියලු දෙනමා කටයුතු කරන්න ඕනෑ. අප පෙන්නවා ඇති කරණා
06 මුලින් ඉටු කරගැනිමට අවශ්‍ය පියවර ගැනිමට ජනාධිපති තුමා
විසින් පත්කර ඇති බෞද්ධ උපදේශක සභාවේ අනුකමිටුවට භාර
කරන්න ඕනෑ. මෙම ලිපිය එම කමිටුවේ සිටින මහාචාර්ය පුජ්‍ය
මැදගොඩ අභේතිස්ස හිමියන් බාර ගන්නත්, එම කමිටුවේ මෙම
ලිපිය ගැන සාකච්ජා කරන්නත් අභේතිස්ස හිමියන් බාර ගන්න බව
උන්වහන්සේ කියා සිටිහ.
ගරු ජනාධිපතිතුමන් විසින් පත්කරන ලද සද්ධර්ම විකෘතින් පිළිබඳ
සොයාබලන කමිටුව වෙත ඉදිරිපත් කෙරෙන යෝජනාවලියයි.
සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලෙහි ලෝක
සත්වයා වෙත පතළ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසු දහසක්
ධර්මස්කන්ධය ත්‍රිපිටකය ලෙස සංගෘහිත ව ඇත. අතීත මහතෙරුන්
වහන්සේලා මුඛ පරම්පරාගතව සුරක්ෂා කළ ත්‍රිපිටකය හා තදනුබද්ධ
ආගමික ග්‍රන්ථ වළගම්බා රජ දවස ලක්දිව දී ග්‍රන්ථාරූඪ කෙරිණ. ඉන්පසු
වර්ෂ1956 වර්ෂයට යෙදුනු 2500 බුද්ධ ජයන්තිය නිමිත්තෙන් ලංකාණ්ඩුවේ
අනුග්‍රහය යටතේ වියත් මහ තෙරුන් වහන්සේලාගේ පූර්ණ අධීක්ෂණය
මත නවීන මුද්‍රණ තාක්ෂණයට අනුව එකී පූජනීය ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ
කෙරින. නූතනය වන විට ලෝකයේ සියලු ථෙරවාදී බෞද්ධ සමාජ මූල
ග්‍රන්ථ ලෙස සලකනු ලබන්නේ පූර්වෝක්ත ත්‍රිපිටකය හා තදනුබද්ධ අටුවා
හා ටීකා ග්‍රන්ථයන්ය.
ථෙරීය සම්ප්‍රදාය තුළ ධර්මය විවරණය කිරීමේදී අනුගමනය කෙරෙන
සම්භාවිත සම්ප්‍රදාය නොසලකා හරිමින් අවිචාරවත් ලෙස දහමට තමන්ට
අභිමත නිර්වචන සමාජගත කරමින් ධර්මයට නිගාවන අයුරින් සුවිශාල
ධර්ම විකෘතියක් මේ වන විට සංවිධානාත්මකව ලෙස බෞද්ධ විරෝධි
සංවිධාන හා පුද්ගලයන් හරහා සිදු වෙමින් පවතී. ශ්‍රද්ධාවන්ත
බෞද්ධයින්ගේ නිවන් මග ව්‍යාකුල කරන මෙවැනි විකෘති ආගමික මතවාද
මුලිනුපුටා දැමීම රාජ්‍ය නායකයා වශයෙන් ඔබතුමන් ප්‍රමුඛ රජයේ
වගකීම ලෙස සලකා විශේෂ අධීක්ෂණ කමිටුවක් පත් කිරීම පිළිබඳ
අපගේ සතුටත් ආශිර්වාදයත් ඔබතුමන් වෙත පළකරමු. ධර්ම යුක්ති මහා
සභාව වශයෙන් එම කමිටුවේ අවධානය පිණිස පහත සඳහන්
යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා යොමුකරමු.
- ධර්මධර මහා තෙරුන් වහන්සේලා ද ඇතුළත් විද්වත් කමිටුවක්
පිහිටුවා ඒ් මගින් නිර් දේශ කරනු ලබන පරිදි අන්තර්ජාලය තුළ ධර්ම
විරෝධි ලෙස ක්‍රියාත්මක වන වීඩියෝ පට ආදිය අවහිර කිරීම සහ
සියළුම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය මගින් ප්‍රචාරණය කරන සෑම ධර්ම
දේශනාවක්ම අධීක්ෂණය හා නියාමනය කිරීම එකී විද්වත් විද්වත් කමිටුව
වෙත භාර කිරීම. - බුද්ධ චරිතය හා ශාසන ඉතිහාසය චේතනාන්විතව විකෘති කරමින්
ඉදිරිපත් කරන තොරතුරු ආදිය හඳුනාගෙන එම දුර්මත නිශේධනය කිරීම
සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අනුබද්ධ ලෙස විශ්ව විද්‍යාලයන්හි
පුරාවිද්‍යා ඉතිහාස හා බෞද්ධ අධ්‍යයන පීඨයන්හි විද්වතුන්ගෙන් සැදුම්ලත්
පර්යේෂණ ඒකකයක් පිහිටුවීම.
3.ශ්‍රී ලංකාවේ පිළිගත් භික්ෂු නිකායකට අන්තර්ග්‍රහණය නොවු භික්ෂු
වේශධාරීන් නීතිය හමුවට පමුණුවා ඔවුන් සිවුරෙන් නෙරපා දැමීමට සහ
එබඳු භික්ෂු වේෂධාරීන් බිහිවීම වළක්වාලීමට හැකිවන පරදි 1931 බෞද්ධ
විහාරදේවාගම් පනතේ 41 වන වගන්තිය වහාම සංශෝධනය කිරීම
අතරමඟ නතරව ඇති බෞද්ධ ග්‍රන්ථ නියාමන පනත සම්මත කර
ගැනීම හා ධර්මය විකෘති කරමින් දැනට ප්‍රකාශිත ග්‍රන්ථ හා ප්‍රකාශන
භාවිතයෙන් ඉවත් කිරීමට කටයුතු කිරීම.
5 ශ්‍රී ලංකාවේ සියළුම පිරිවෙන් ආයතනවල අධ්‍යපනය ලබන ශිෂ්‍ය
භික්ෂූන් වහන්සේලා වෙත නිවරැදි ධර්ම සන්නිවේදනය අරමුණු කොට
ගත් සදහම් පුහුණු පාඨමාලා හඳුන්වා දීම.
6.ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය පරිදි බුද්ධ
ශාසනය සුරක්ෂා කිරීමේ වගකීම අනුව බුද්ධ සාසන අමාත්‍යංශය සහ
බෞද්ධ කටයුතු කොමසාරිස් දෙපාර්තමේන්තුව මගින් ඉහත සඳහන්
ආයතන ස්ථාපිත කර පවත්වාගෙනයාමට කටයුතු කිරීමට හා ඒ වගකීම
එම රාජ්‍ය ආයතනවල අනිවාර් ය මෙහෙවරක් ලෙසින් සලකා කටයුතු
කිරීමට සැලසීම .
උපදේශක මණ්ඩලය වෙනුවෙන්‍ෙ
- ශ්‍රී ලංකා අමරපු මහ නිකායේ වැඩ බලන උත්තරීතර මහනායක
අග්ගමහ පණ්ඩිත පූජ්‍යපාද ගන්තුනේ අස්සජී මහනාහිමිපාණන්
වහන්සේ - දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත
නාහිමිපාණන් වහන්සේ - කොළඹ බෞද්ධාලෝක මාවතේ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති
ශාස්ත්‍රපති පූජ්‍යපාද කොටපොල අමරකිත්ති නාහිමිපාණන් වහන්සේ - අමරපුර සද්ධම්මවංස මහා නිකායේ අනුනායක ශාස්ත්‍රපති පූජ්‍ය
රජවත්තේ වප්ප නාහිමිපාණන් වහන්සේ - සියම් මහනිකායේ මල්වතු පාර්ශවයේ සල්පිටි හේවාගම් ,රයිගම්
පසයොදුන් යන සිව්කොරලේ උපප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය
රන්පත්විල විමලරතන නාහිමිපාණන් වහන්සේ - සියම් මහා නිකායේ අස්ගිර පාර්ශ්වයේ කොළඹ, කළුතර දෙදිසාවේ
ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍රපති පුජ්‍ය ඇලිකේවෙල සීලාන්නද නා හිමි - ශාස්ත්‍රපති පූජ්‍යපාද රාස්සගල සීවලී ස්වාමින්ද්‍රයන් වහන්සේ
- මහචාර්ය පූජ්‍යපාද එළමල්දෙනියේ සාරානන්ද හිමිපාණන් වහනසේ
- මහචාර්ය පූජ්‍යපාද රළුවේ පද්මසිරි හිමිපාණන් වහන්සේ 10 ශාස්ත්‍රපති පූජ්‍ය විටියල කවිධජ හිමිපාණන් වහන්සේ
11 ශාස්ත්‍රපති පුජ්‍ය හැගොඩ විපස්සි හිමි
මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මැතිතුමා යන ගිහි පැවිදි පිරිස්
මෙම මාධ්‍ය හමුව සදහා සහභාගි විය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්