අක්ෂි කාච, ස්ටෙන්ට්, ඔක්සිමීටර් සහ ග්ලුකෝ මීටර් මිල ගණන් අද (18 වැනිදා) රාත්‍රියේ සිට වැඩි කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
මිල පාලනයකට ලක් කර ඇති මෙම වෛද්‍ය උපකරණවල මිල ගණන් 29%කින් වැඩි කිරීමේ වාර්තාව ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් අමාත්‍යාංශයට ලබාදී තිබේ.
ඒ අනුව හෘද රෝග ශල්‍යකර්ම සඳහා භාවිත කරන ස්ටෙන්ට් එකක මිල රුපියල් එක්ලක්ෂ හැත්තෑ දහසකට ආසන්න වන බව ද අනාවරණය වේ.
කෙසේ වෙතත් අක්ෂි කාච වර්ග 38ක මිල නියාමනය කර ඇති අතර ඒවායේ මිල ගණන්ද විවිධ ප්‍රමාණවලින් වැඩි වෙයි. ඖෂධ වර්ග හැටක මිල ගණන්ද 29%කින් ඉහළ දමමින් සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී.
භාණ්ඩ වර්ග කිහිපයක මිල වැඩිවෙයි
මේ අතර මාර්තු මස 10 වනදා සිට ආරම්භ වී මාස 6ක කාලයක් ක්‍රියාත්මක වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පිළිබද ඊයේ (17) වාර්තා විය.
භාණ්ඩ වර්ග කිහිපයකට විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පැනවීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ.
ආනයනික යෝගට්, ඇපල්, මිදි, දොඩම් ඇතුළු කාණ්ඩ 09ක් යටතේ මෙම බදු පැනවීම සිදුකර ඇත.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්