ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අවසන් මොහොතේ ඉන්දියාව බලා පිටත්ව යන T20 සංචිතයෙන් ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ ඉවත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
භානුක රාජපක්ෂ ඉන්දියාවට යාමට ජෛව බුබුලට ඇතුලත්ව හෝටලය තුල සිටි නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග අනුව භානුක රාජපක්ෂ ඉන්දීය තරගාවලිය සඳහා T20 කණ්ඩායමට ඇතුළත් නොවන බවයි සදහන් වන්නෙ.
පසුගිය සතියේ කිලෝමීටර් 2ක යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වුවද භානුක රාජපක්ෂ තවමත් අවශ්‍ය සම නැමීම් මට්ටමට ළඟා වී නොමැති බැවින් ඔහුව තෝරා නොගැනිම කර ඇති බව තේරීම් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ හේතුවෙන් භානුක රාජපක්ෂට පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීම තිබු අවස්ථාවද මෙම සතිය මුලදී අහිමි විය.
2022 IPL වෙන්දේසියේදී තෝරා ගත් එකම ශ්‍රී ලංකා පිතිකරුවා භානුක රාජපක්ෂ වන අතර, ඔහු ඉන්දීය රුපියල් ලක්ෂ 50 කට පන්ජාබ් කිංග්ස් විසින් ගෙන එන ලදී.
ඉන්දීය තරගාවලිය සඳහා වන විස්සයි20 සංචිතය මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රකාශයට පත් කර නැහැ.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි