භාෂණයේ නිදහස ආරක්ෂා කිරීමට රජය බැඳී සිටින නමුත් එම නිදහසට මුවා වෙමින් ඕනෑම දෙයක් සිදු කරන තුරු බලා සිටීමට සූදානම් නොමැති බවත්, භාෂණයේ නිදහස වල්බූරු නිදහස් බවට පත්කර ගැනීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවත් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසනවා. අද (18) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.
රජයට එරෙහිව, රජයේ සංවර්ධන ව්‍යාපෘතිවලට එරෙහිව සංවිධානාත්මක පිරිස් විසින් සමාජ ජාලා මාධ්‍ය භාවිතා කරමින්, අන්තර්ජාලය භාවිතා කරමින් විවිධ අසත්‍ය ප්‍රචාර පතුරුවමින් සිටින බවත්, ඒ හරහා ජනතාව නොමග යැවීම සිදු කරන බවත් ඇමතිවරයා පවසනවා. මෙවැනි පුද්ගලයන් හඳුනා ගනිමින් ඔවුන්ගේ එම කටයුතු අඩපන කිරීම සඳහා අවශ්‍ය නීති සංශෝධන ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බවද අලි සබ්‍රි මහතා පවසයි.
ඉන්දියාව, සිංගප්පූරුව, මැලේසියාව වැනි රටවල ක්‍රියාත්මක එවැනි නීති පිළිබඳව අධ්‍යයනය කරමින් සිටින බවත්, එම නීති අධ්‍යයනය කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට ගැලපෙන නීති පද්ධතියක් සකස් කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් අධිකරණ අමාත්‍යවරයා පවසනවා.
- Lanka News Web
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්