නේපාලයේ සිදු වූ ප්‍රබල භූමිකම්පාවෙන් කිසිදු චීන ජාතිකයෙකු මියගොස් හෝ තුවාල ලබා නැතැයි චීන විදේශ අමාත්‍යාංශය පවසයි.
චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා තිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කළේය.
බටහිර නේපාලයේ පසුගිය 3 වැනිදා රාත්‍රියේ හටගත්, රිච්ටර් මාපකයේ 6.4 ක ප්‍රබලතාවකින් යුතු භූ කම්පනයෙන් 150 කට වැඩි පිරිසක් මිය ගිය බව එරට පොලීසිය 4 වැනිදා නිවේදනය කළේය.
මෙම ආපදාව සම්බන්ධයෙන් නේපාල ජනාධිපති Ram Chandra Poudel මහතා වෙත සංවේගය පළ කළ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, අවශ්‍ය හදිසි සහනාධාර සැපයීමට චීනය සූදානම් බව ද පවසා ඇතැයි Wang Wenbin මහතා කියාසිටියේය. ඒ අනුව, විපතට පත් ප්‍රදේශවලට චීන සහනාධාර ලබාදීමට නියමිත බව ද හෙතෙම පැවසීය.
More Stories
චීනයේ තායිවාන දූපත ආශ්රිත හමුදා අභ්‍යාස බෙදුම්වාදීන්ට සිදු කරන බරපතල අනතුරු ඇඟවීමක් – චීනය
චීන-ඉන්දියානු රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 75 වන සංවත්සරය අදයි
චීන ටිබෙට් ප්රශ්නය සම්බන්ධ පොරොන්දු පිළිපදින්නැයි ඇමරිකාවට චීනයෙන් ඉල්ලීමක්