2023 දෙසැම්බර් මාසයේ ගෝලීය මිලදී ගැනීමේ කළමනාකරුවන්ගේ දර්ශකය 48% ක් වන බව චීනයේ භාණ්ඩ ප්‍රවාහන හා මිලදී ගැනීමේ ඒකාබද්ධ සංගමය ප්‍රකාශ කරයි.
එම අගය පසුගිය නොවැම්බර් මාසය හා සමාන මට්ටමක පවතී. ගත වූ මාස 15 ක කාලය තුළ, එය 50% කට වඩා පහළ අගයක පැවතීම කැපීපෙනේ.
ඒ අනුව ලෝක ආර්ථීකය ප්‍රකෘතිමත් වීමේ ශක්තිය අඛණ්ඩව දුර්වල ප්‍රවණතාවක පවතී. මේ හේතුවෙන් 2024 වසරේ ආර්ථීක සංවර්ධන වේගය 2023 වසරට වඩා මන්දගාමී වනු ඇති බවට ලෝක ප්‍රධාන ආර්ථික ආයතන අනාවැකි පළ කර තිබේ.
රුසියානු-යුක්රේන යුද්ධය, පලස්තීන-ඊශ්‍රායල ගැටුම් හා රතු මුහුද ආශ්රිත නොසන්සුන්කාරී තත්ත්ව වැනි භූ දේශපාලනික ගැටුම් නිසා ගෝලීය වෙළඳාම මුහුණ පාන අවිනිශ්චිතතාව 2024 වසරේත් ලෝක ආර්ථිකය ප්‍රකෘතිමත් වීම කෙරෙහි බලපාන ප්‍රධාන සාධකය වනු ඇත. එයින් ගෝලීය කාර්මික හා සැපයුම් දාමයන්ට ද අභියෝග එල්ල වනු ඇත.
More Stories
ප්‍රමාද වූ සියලු පාස්පෝට් මාසයක් ඇතුළත නිකුත් කිරීමට පියවර
චීනයේ ග්රාමීයව ජීවත් වන සාමාන්‍ය පුද්ගලයකුගේ වැය කළ හැකි ශේෂය 2024 වසරේ දී කැපී පෙනෙන වර්ධනයක
ගෝලීය කටයුතුවලදී ජර්මනිය සහ යුරෝපා සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම, චීනයට සතුටක්– චීන විදේශ අමාත්‍යංශය