තමා මන්ත්‍රී දේශපාලනයට සමුදීමට තීරණය කළ බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා දැනුම් දෙනවා.
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත 2020 මහ මැතිවරණයේ සමගි ජන බලවේගයේ අපේක්ෂකයෙකු ලෙස නම් යෝජනා ලබාදී තිබුණද ඡන්ද පත්‍රිකාවේ තාම අංක ඉදිරියේ මනාපය සටහන් නොකරන ලෙසට මාතර දිස්ත්‍රික් ජනතාවට ඒ මහතා දැනුම් දී තිබෙනවා.
ඒහෙත් තමා දේශපාලනය සමු ගැනීමට හෝ විශ්‍රාම ගැනීමට කිසිදු ලෙසකින් තීන්දු කර නැති බවයි මංගල සමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළා.
අද ඒ මහතා ගේ මාතර පිහිටි නිවසේ පැවති නියෝජිත හමුවකදී අනතුරුව මේ පිළිබඳව දැනුම් දී තිබෙනවා.
අලුත් දේශපාලන ගමනක් ඇරැඹීම සඳහා තමාට තිස් වසරකට වැඩි කාලයක් ශක්තිය ලබාදුන් එඩිතර මාතර ජනතාවගේ ආශිර්වාදය ඉදිරියටත් බලාපොරොත්තු වන බවයි ඔහු සඳහන් කර තිබෙන්නේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ