මංතීරු නීතිය ක්‍රියාත්මක අවස්ථාවල ත්‍රිරෝද රථ සහ යතුරු පැදි සදහා මාර්ගයේ වැඩි ඉඩක් ලබාදීමට බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ රථවාහන අංශය තීරණය කර තිබෙනවා.
ඒ පසුගිය දින 04 තුළ ක්‍රියාත්මක කළ මංතීරු නීතිය පිළිබද මොරටුව විශ්ව විද්‍යාලය හා ශ්‍රී ලංකා පොලීසිය සිදුකළ අධ්‍යයනයකින් අනතුරුවයි.
කොළඹ නගරයට ඇතුළුවන ප්‍රධාන මාර්ග හතරක රථවාහන ධාවනය සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දුන් අතර එය පසුගිය සඳුදා සිට ක්‍රියාත්මක විය. කෙසේ වෙතත් ඊයේ(17) දිනයේදී එම මාර්ග භාවිතා කරන යතුරුපැදිකරුවන්, ත්‍රිරෝද රථ රියදුරන් මෙන්ම බස්රථ භාවිතා කරන මගීන්ද දැඩි අපහසුතාවයට ලක්විය.
මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා දැඩි විවේචන එල්ල කළ ඇතැම් පුද්ගලයන් ප්‍රකාශ කළේ එක ස්ථානයේ ඇතැම් විට පැයකට ආසන්න කාලයක් රැඳී සිටීමට සිදු වූ බවයි.
සමාජ ජාලා හරහා සංසරණය වන ඡායාරූපවල දක්නට ලැබුණේ මංතීරු තුනක් සහිත මාර්ගවල පවා මංතීරු දෙකක් හිස්ව තිබියදී යතුරුපැදිකරුවන් එක් මංතීරුවක සිර වී සිටින
ආකාරයයි.
ත්‍රිරෝද රථ සහ යතුරු පැදි, බස්රථ සදහා වෙන් කෙරුණු වම්පස මංතීරුවේ ගමන් කළ යුතු බව පොලීසිය මීට පෙර ප්‍රකාශ කර තිබුණා. කෙසේවෙතත් ඊයේ දිනයේදී බස්, ත්‍රිරෝද රථ සහ යතුරු පැදි වම්පස මංතීරුවේ ගමන් කිරීම හේතුවෙන් එම මංතීරුවේ තදබදයක් පැවැති බවයි නිරීක්ෂණය වුණේ.
ඒ අනුව මොරටුව විශ්ව විද්‍යාලය හා ශ්‍රී ලංකා පොලීසිය සිදුකළ අධ්‍යයනයකින් අනතුරුව අනෙක් මංතීරුවල රථ වාහන අඩු වශයෙන් ධාවනය කෙරෙන්නේ නම්ය තුරු පැදි සහ ත්‍රිරෝද රථවලට එම මංතීරු භාවිත කිරීමට අවස්ථාව ලබාදීමටයි පොලීසිය තීරණය කර ඇත්තේ.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම නව ක්‍රමවේදය ක්‍රියාත්මක වන අතර එහිදී මගීන්ට සහ රියදුරන්ට සිදුවන අපහසුතා අවම කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයා දිනපතා ඒ ඒ මාර්ගවල මංතීරු නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව නිරීක්ෂණය කරයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්