තමන්ට අවශ්‍ය මීළඟ මුරලිදරන් හෝ රංගන හේරත් වීමට අවශ්‍ය නැති බවත්, තමන්ගේ අරමුණ මීළඟ හසරංග වීම බවත් ලොව අංක එකේ විස්සයි විස්ස දඟපන්දු යවන ශ්‍රී ලංකා ක්‍රීඩක වනිදු හසරංග පැවසීය.
LPL තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.
එහිදී අදහස් දැක්වූ වනිදු හසරංග,
“ටීම් එකට කරන්න පුළුවන් උපරිම දේ කරන්න මම ට්‍රයි කරනවා. ඒක නිසා තමයි මට සක්සස් වෙන්න පුළුවන්. නැෂනල් ටීම් එකද, මම ගහන ෆ්‍රැන්චයිස් ටීම් එකක් ද, මම ඒක නෙවෙයි බලන්නේ. මම බලන්නේ මම ප්ලේ කරන හැම මැච් එකම මම කොහොමද මගේ හන්ඩ්‍රඩ් ප්‍රසන්ට් ටීම් එකට දෙන්නේ කියලා. “
“මට කිසිම මැච් එකක් ප්‍රෙෂර් එකක් නෑ මම හැම එකක් ම ගන්නේ මෝටිවේෂන් එකක් විදියට. ඉතින් මට ඕනි නෑ ඊළඟට ඊළඟ මුරලිවත් ඊළඟ රංගන හේරත් වත් වෙන්න. මට ඕන ඊළඟ හසරංග වෙන්න. මේ වගේ තරගාවලි සංවිධානය කරන එක ගොඩක් හොඳයි මොකද ෆ්‍රැන්චයිස් ක්‍රිකට්වලින් හොඳ යන්ග් ප්ලේයර්ස් ලා ඉස්සරහට එනවා. මේ වගේ තරගාවලි ගිය අවුරුද්දෙත් හොඳට කරපු නිසා මේ අවුරුද්දෙත් කරන නිසා යන්ග් ප්ලේයර්ස් ලා එන්න පුළුවන්. ඒක ඇත්තටම හොඳ දෙයක්. “
“මේ වගේ තරගවලදී ලෙග්ස්පිනර්ස්ලාට ගොඩක් ලොකු දෙයක් කරන්න පුළුවන්, එයාලගේ ඕවර්ස් හතරට ලකුණු හතළිහක් පනහක් ගහන්න පුළුවන් හැබැයි ඊලඟ මැච් එකේ එයාලට බවුන්ස් බැක් එකක් දීලා එයාලට විකට් හතරක් පහක් ගන්න පුළුවන්. මේ වගේ තරගවලදි ඒක තමයි කරන්න පුළුවන් හොඳම දේ. එයාලට හොඳ වේරියේෂන්ස් තියෙනවා.”
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්