මත්ද්‍රව්‍ය ජාවාරමකට අධාර අනුබල දීම සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශණ ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙක් අද (18) පෙරවරුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු සතුව තිබී හමුවූ ජංගම දුරකථන 05 ක් පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය ජාවාරම් සදහා අදාල පොලිස් පරීක්ෂකවරයා සම්බන්ධ බවට වන සාක්ෂිද හමු වූ බවයි පොලීසිය සදහන් කළේ.
ඔහුව අද අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 07ක රැදවුම් නියෝග ලබාගෙන ඉදිරි විමර්ශණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්