ඉන්දියානු මත්ද්‍රව්‍ය නිවාරණ ඒජන්සිය විසින් ජනප්‍රිය බොලිවුඩ් නිළි අනන්‍යා පාන්ඩේගෙන් ප්‍රශ්නකර තිබේ.
එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇයගෙන් ප්‍රශ්න කර ඇති බවට සැකකෙරෙන බවය.
විදෙස් මාධ්‍ය පැවසුවේ මත්ද්‍රව්‍ය චෝදනා මත සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ පුත්‍රයා වන ආර්යන් ඛාන් ව අත්අඩංගුවට ගෙන දින කිහිපයකට පසු මෙම ප්‍රශ්න කිරීම සිදුකර ඇතිබවය.
ඇයව පිට පිට දෙවැනි දිනටත් මෙලෙස ප්‍රශ්න කිරීමට කැඳවීම සම්බන්ධයෙන් එම නිලධාරින් කිසිවක් මෙතෙක් පවසා නොමැති බව වාර්තා වේ.
කෙසේ වෙතත් ඇයගෙන් ප්‍රශ්න කිරීම සහ ආර්යන් ඛාන්ව අත්අඩංගුවට ගැනීම අතර සම්බන්ධතාවයක් තිබේන නැද්ද යන්න පිළිබඳව ඉන්දීය මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශය කිසිවක් පවසා නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තමන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් සම්බන්ධයෙන් අනන්‍යා පාන්ඩේ ද කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැත.
මුම්බායි හි නෞකාවක පැවති සාදයකට සහභාගී වෙමින් සිටියදී 23 හැවිරිදි ආර්යන් ඛාන් ඇතුළු පිරිසක් පසුගියදා ඉන්දීය මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශය විසින් පසුගියදා අත්අඩංගුවට ගත්තේය.
ඔවුන්ට එරෙහිව මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වී ඇති අතර ආර්යන් ඛාන් ට ඇප ලබාදීම අධිකරණය විසින් කිහිපවරක් ප්‍රතික්ෂේප කළේය.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්‍රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ