කොත්මලේ, හෙල්බොඩ වතුයායේ එකම ස්ථානයකදී මදුවලට හසුවී සිටි දිවියන් දෙදෙනෙකු අද (23) සොයා ගෙන තිබෙනවා.
මදුවලට හසුව සිටි මෙම දිවියන්ගෙන් එක් සතෙකු සොයා ගන්නා විටත් මිය ගොස් සිටි බවත්, අනෙක් දිවියා තුවාල ලබා ඇති බවත් වනජීවී නිලධාරීන් පවසනවා.
මදුවට හසුව තුවාල ලබා දැඩි වේදනාවෙන් පසුවන අනෙක් දිවියාගේ ජීවිතය බේරා ගැනීම සඳහා වනජීවී නිලධාරීන් මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
දඩයක්කරුවන් වන සතුන් දඩයම් කර ගැනීමේ අරමුණින් අටවා තිබු මදුවලට හොඳින් වැඩුණු මෙම දිවියන් දෙදෙනා හසුව ඇති බව වනජීවී නිලධාරීන් පවසයි.
උඩරට වතුකරය ආශ්‍රීත ප්‍රදේශවලදී ශ්‍රී ලංකාවට පමණක් ආවේණික දිවියන් රැසක් මෙවැනි ආකාරයේ මදුවලට හසුව මෙම වසරේදි මිය ගොස් ඇති බවත්, ඒ අතර ඉතාමත් දුර්ලභ කළු කොටියෙකුද වු බවත් සඳහන්.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට