දින 14 ක් ඇතුළත බදු ගෙවන ලෙස බදු ගෙවීම පැහැර හැර තිබෙන මධ්‍යසාර නිෂ්පාදන සමාගම්වලට රජය විශේෂ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ, බදු ගෙවීම පැහැර හැර ඇති සමාගම් 10 ක් ගෙන්වා ඒ බව දැනුම් දුන් බවයි.
එම සමාගම්වලින් බදු සහ ප්‍රමාද ගාස්තු ලෙස රජයට ගෙවීමට ඇති මුදල රුපියල් කෝටි 616 ක්.
ඉදිරි දින 14 තුළ හිඟ මුදල් නොගෙවන්නේ නම් ඔවුන්ට එරෙහිව පියවර ගන්නා බව ද රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළා.
මේ වසරේ මධ්‍යසාර නිෂ්පාදන බදු 20% කින් වැඩි කිරීමට රජය පියවර ගෙන තිබෙනවා
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක