මධ්‍යම චීනයේ හෙනන් පළාතට ඇද හැළෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ජල ගැලීම් තත්ත්වයක් හටගෙන තිබේ.
එම පළාතේ ප්‍රදේශ රැසක දස දහසකට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථානවලට යොමුකර ඇති බව වාර්තා වේ.
ගංවතුර හේතුවෙන් ශෙන්ෂොව් නගරයේ පමණක් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබේ.
මිලියන 94ක පමණ ජනතාවක් වෙසෙන එම පළාතට තවදුරටත් ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට බලධාරීන් අනතුරු අඟවා ඇති බවට වාර්තා වේ.
More Stories
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ
චීන නාවික හමුදා පුහුණු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව කරුණු විකෘති කිරීම කෙරෙහි චීන ජාතික ආරක්ෂක අමාත්‍යංශය ප්‍රතිචාරය දක්වයි
ඇමරිකානු නව පරිපාලනය සම්බන්ධයෙන් ගෝලීය සමීක්ෂණයක්