මධ්‍යම යුරෝපයට බලපා ඇති දරුණු ගංවතුරට හසුවී මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 120 ඉක්මවා තිබේ.
පුද්ගලයන් 1,300ක් පමණ අතුරුදන්වී සිටින බව විදෙස් වාර්තාවල සඳහන්ය.
මධ්‍යම යුරෝපයේ රටවල් කිහිපයකට දරුණු ගංවතුරකින් බලපෑම් එල්ලවී ඇත්තේ දශක කිහිපයකට පසුවය.
ජර්මනිය, නෙදර්ලන්තය, බෙල්ජියම සහ ස්විට්සර්ලන්තය මෙම දරුණු ව්‍යසනයට මුහුණපා සිටින රටවල් අතරට අයත් වේ.
මෙම කලාපයට ලැබුණු වාර්තාගත වර්ෂාපතනයත් සමග ජලාශ බොහොමයක් පිටාර මට්ටම ඉක්මවා ගොස් ඇත.
ගංවතුරින් වැඩි බලපෑම් එල්ලවී ඇති ජර්මනියේ පුද්ගලයන් සීයකට වැඩි පිරිසක් මියගොස් තිබේ.
බෙල්ජියමෙන් මරණ 20ක් පමණ වාර්තාවී ඇති බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.
පවතින තත්ත්වය හේතුවෙන් ජූලි 20 වැනි දා බෙල්ජියමට ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇතැයි ද සඳහන්ය.
අයහපත් කාලගුණය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල විදුලි සහ අන්තර්ජාල සබඳතා විසන්ධි වී තිබේ.
මේ හේතුවෙන් සහන සේවා සැපයීම සහ පුද්ගලයන් අතර සන්නිවේදන සබඳතා පවත්වාගැනීම දුෂ්කර වී ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරයි.
ගෝලීය උණුසුම ඉහළයෑමේ ප්‍රතිඵලයෙක් ලෙස මෙවැනි කාලගුණික තත්ත්වයන් හටගන්නා බවද විදෙස් වාර්තා පවසයි.
කාර්මික යුගයේ ආරම්භයෙන් පසු ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.2කින් ඉහළ ගොස් ඇති බවත් පවතින වාතාවරණය තුළ හරිතාගාර වායු විමෝචනය අවමකිරීමට ලොව රටවල් කඩිනමින් පියවර ගතයුතුව ඇති බවත් එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි