අදත් මධ්‍යස්ථාන 629කදී කොවිඩ් මර්ධන ප්‍රතිශක්තීකරණ වැඩසටහන ක්‍රියාත්මත කෙරෙනවා.
ඊට දිස්ත්‍රික්ක 24ක් අයත්.
මාතර දිස්ත්‍රික්කයේ අද දිනයේ එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක නොවන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ.
වැඩිම එන්නත්කරණ මධ්‍යස්ථාන සංඛ්‍යාවක් ක්‍රියාත්මක වන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ වන අතර එම සංඛ්‍යාව 117ක්.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 60ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 58ක්ද ක්‍රියාත්මකයි.
මොඩර්නා 2 වන එන්නත් මාත්‍රාව මහනුවර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාශ සඳහා ලබා දෙන අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ අද දිනයේ ලබා දෙන්නේ ඇස්ට්‍රාසෙනිකා 2වන මාත්‍රාවයි.
ෆයසිර් එන්නත මන්නාරම දිස්ත්‍රික්කයට වෙන් කර තිබෙනවා.
අද දිනයේ අනෙකුත් මධ්‍යස්ථාන වලදී සයිනොෆාම් එන්නත ලබා දීමට කටයුතු සූදානම් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ.
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්