රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය විසින් ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදුකර තිබේ නම් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තුවක් අවශ්‍ය නොවන බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විවෘත අධිකරණයේ සඳහන් කළේය.ඩයනා ගමගේ මහත්මිය ශ්‍රී ලංකාවේ පුරවැසිභාවයක් නොමැති බ්‍රිතාන්‍ය පුරවැසියෙකු බවත් , ඇගේ උප්පැන්න සහතික , ජාතික හැඳුනුම්පත මෙන්ම විදේශ ගමන් බලපත්‍රය ද ව්‍යාජ බවත් , ඇයට එරෙහිව නිතිමය පියවර ගන්නා ලෙස එම පැමිණිල්ල ගොනු කර තිබිණ.
අද මෙම නඩුව කැඳවු අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ , ඩයනා ගමගේ මහත්මිය උප්පැන්න සහතික දෙකක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍ර ලබා ගෙන ඇති බව මේ වන විට තම අධිකරණයට ඉදිරිපත්වී ඇති ලේඛන අනුව පැහැදිලි වන බවත් , ඒවා ආගමන විගමන පනත යටතේ ගැනෙන වැරදි බැවින් ඇය අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරිමක් අවශ්‍ය නොමැති බවයි.
එම වැරදි සම්බන්ධයෙන් ආගමන විගමන පනත යටතේ සුදුසු ලෙස කටයුතු කිරිමේ හැකියාව විමර්ශන නිලධාරින්ට හිමිවී ඇතැයි ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ ය.
ඩයනා ගමගේ මහත්මිය එලෙස ව්‍යාජ උප්පැන්න දෙකක් ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම ආගමන විගමන පනත යටතේ ගැනෙන වැරදි නොවේ දැයි මහේස්ත්‍රාත්වරයා ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගෙන් විමසා සිටි අතර ඔවුන් අධිකරණයෙ නැඟු එම පැනවලට කිසිදු පිළිතුරක් ලබා නොදි නිහඬව සිට ඇත.
මෙම නඩුව ලබන මාර්තු 02 වැනිදා යළි කැඳවීමට නියමිතයි.
More Stories
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජනාධිපතිවරණයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ
ආරක්ෂක අංශ අවහිර නොතකා රාජිත ඇමෙරිකානු තානාපති කාර්යාලයට