ඔස්ට්‍රේලියානු රජයේ කැබිනට් අමාත්‍යවරයෙක් තමාව අනවශ්‍ය ලෙස ස්පර්ශ කළ බවට එරට හිටපු මන්ත්‍රීවරියක් චෝදනා කරයි.
ජුලියා බෑන්ක්ස් පවසන්නේ එම අමාත්‍යවරයා තවමත් අමාත්‍ය මණ්ඩලයේ සිටින බවය. එම සිදුවීම 2017 වසරේදී පාර්ලිමේන්තුව තුළදී සිදුවූ බව ඇය ලිඛිතව දන්වා තිබේ.
පාර්ලිමේන්තුවේ රාත්‍රී කාලයේ සිදුකළ ඡන්ද විමසීමක් අතරතුර එම අමාත්‍යවරයා තමාගේ කකුලක් අනවශ්‍ය ලෙස ස්පර්ශ කළ බව සිය ලිපියෙන් ඇය චෝදනා කළාය.
එම චෝදනාව සම්බන්ධයෙන් ඔවුන් මීට පෙර දැන නොසිටිය බව අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ගේ කාර්යාලය නිවේදනයක් නිකුත්කරමින් පැවසීය.
“එවැනි හැසිරීමක් සම්පූර්ණයෙන් නුසුදුසු දෙයක්,” එහි දැක්වේ.
More Stories
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්
චීන – කාම්බෝජ මිතුදම චීන ජනපති ඉහළින් අගය කරයි