පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතාට හෙට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටින ලෙස දැනුම් දී තිබෙනවා.
ඒ, අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ පසුගියදා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයකට අදාළවයි.
පාස්කු ප්‍රහාරය සිදුකරන ලද අය පිළිබදවත් ප්‍රහාරයකයන්ට මුදල් ලැබුණ ආකාරයත් ගැන ඔහු විසින් සිදුකළ ප්‍රකාශයකට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 6 දෙනෙක් ඔහුගේ ප්‍රකාශය ද්වේශ සහගත බවත්, නිරවද්‍ය නොවන බවත් එහි සඳහන් කරුණු පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙසත් අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලක් අනුව මෙලෙස පෙනී සිටින ලෙස දැනුම්දුන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ