පොහොට්ටුවේ ජාතික ලයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ, විමල් වීරවංශ අමාත්‍යවරයාට පහර දීමට උත්සාහකර ඇති බව වාර්තා වේ.
ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා, ද්විත්ව පුරවැසියන් සම්බන්ධයෙන් 20සිවන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉදිරිපත් කර තිබෙන යෝජනාවට පක්ෂ වන ලෙස ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරු පොළඹවා ගැනීමට උත්සාහ දරා ඇති අතර, ඒ සම්බන්ධයෙන් විමල් වීරවංශ අමාත්‍යවරයා සිය විරෝධය පළ කර තිබේ.
අද පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මෙම සිදුවීම සිදුව ඇති බව වාර්තා වේ.
ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් විසින් බලපෑම් කරන බව විමල් වීරවංශ මහතා නියෝජනය කරමින් පාර්ලිමේන්තු පැමිණි මන්ත්‍රීවරු ඔහුට සඳහන් කිරිම හේතුවෙන් එම පැමිණිල්ල ඔහු විසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරිපත් කර ඇත. එහිදී එම මන්ත්‍රීවරු කවුරුන්දැයි මහින්ද රාජපක්ෂ මහතා විසින් විමසා තිබේ. එවිට, ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා එක් අයෙක් බව විමල් වීරවංශ මහතා විසින් පවසනවාත් සමගම මහින්ද රාජපක්ෂ මහතා එය නෑසූ කන්ව ඉන් පිටත්ව ගොස් ඇත.
එහිදී විමල් වීරවංශ මහතා සහ ජයන්ත කැටගොඩ මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති අතර දෙදෙනා පරුෂ වචනයෙන්ද බැනගෙන ඇත. එහිදී ජයන්ත කැටගොඩ මහතා විමල් වීරවංශ මහතාට පහරදීමට උත්සාහ දරා ඇති නමුත් අවට සිටි මන්ත්‍රීවරුන්ගේ මැදිහත්වීමෙන් එය වැලැක්වී තිබේ.
ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විමල් වීරවංශ මහතා ඇතුළු ජයන්ත සමරවීර, මොහොමඞ් මුසම්මිල්, නිමල් පියතිස්ස, ගාමිණී වලේබොඩ, උද්දික ප්‍රේමරත්න යන මහත්වරු 06 දෙනාගෙන් සමන්විතය.
ජයන්ත කැටගොඩ මහතා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ සිටින්නේ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයෙන් පසු ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු පැමිණීමට නොහැකි වන ලෙස යොදා ඇති වගන්තිය ඉවත් කර පසුව බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා ඉල්ලා අස්වීමේ පදනම මත බව දේශපාලන ක්ෂේත්රයේ කතබහක් බවතී.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්