ගෝලීය මිලදී ගැනීමේ කළමනාකරුවන්ගේ දර්ශකය අගෝස්තු මාසයේ දී සියයට 48.3ක අගයක් පෙන්නුම් කරයි.
චීන භාණ්ඩ ප්‍රවාහන හා මිලදී ගැනීමේ ඒකාබද්ධ සංගමය අද(6) එම දත්ත නිකුත් කර ඇත.එම අගය පසුගිය ජූලි මස හා සැසඳීමේදී ඉහළ ගොස් තිබේ.එහෙත් එය තවමත් පහළ මට්ටමක පවතින අතර ලෝක ආර්ථීකය දුර්වල මෙන්ම වර්ධන තත්ත්වයේ ස්වභාවය එම දත්ත වෙනස්කම් මගින් පිළිබිඹු වේ.
එය පෙර මාසයට සාපේක්ෂව සියයට 0.4ක වැඩිවීමකි. එම දර්ශකය අඛණ්ඩව මස 2ක් පුරා වර්ධනය වී ඇත. එහෙත් එම දර්ශකය තවමත් සියයට 48ක පමණ පහළ මට්ටමක පවතී.දුර්වල ප්‍රකෘති ප්‍රවණතාවක පවතින ලෝක ආර්ථීකය සමස්ත වශයෙන් දැඩි ස්වභාවයක පැවතීමේ පරිසරය වෙනස් වී නොමැති අතර ඉල්ලුම අඩු වීමේ පීඩනය තවදුරටත් පවතී.
ලෝක වෙළඳ සංවිධානය විසින් මෑතකදී නිකුත් කරන ලද ගෝලීය භාණ්ඩ වෙළඳාමේ සෞභාග්‍ය දර්ශකය ඒකක 99.1ක් වන අතර එය පසුගිය මැයි මාසයේදී දක්නට ලැබුණු ඒකක 95.6 ක් හා සැසඳීමේදී වැඩිවීමක් පෙන්නුම් කර ඇත. ලෝක වෙළඳාමේ ක්‍රියාකාරකම් යම් මට්ටමක පුනරුත්ථාපනයක් අත්කර ගෙන ඇති බව ඉන් පැහැදිලි වෙයි.
More Stories
ප්‍රමාද වූ සියලු පාස්පෝට් මාසයක් ඇතුළත නිකුත් කිරීමට පියවර
චීනයේ ග්රාමීයව ජීවත් වන සාමාන්‍ය පුද්ගලයකුගේ වැය කළ හැකි ශේෂය 2024 වසරේ දී කැපී පෙනෙන වර්ධනයක
ගෝලීය කටයුතුවලදී ජර්මනිය සහ යුරෝපා සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම, චීනයට සතුටක්– චීන විදේශ අමාත්‍යංශය