දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල හරහා අපේක්ෂකයින් වෙත අද පෙරවරුවේ සිට මනාප අංක ලබාගැනීමට හැකියාව තිබෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළා.
මැතිවරණය පැවැත්වෙන දිනය මෙම සතිය තුළ ප්‍රකාශයට පත් කරන බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සෞඛ්‍ය නිර්දේශ තමන් වෙත භාර දී දින 60ත් 70ත් අතර කාලයක් තුළ දිනයක් මැතිවරණ දිනය ලෙස නම් කරන බවයි ඔහු පැවසුවා
ඉදිරි මහ මැතිවරණයට අදාළ මනාප අංක සහිත ගැසට් නිවේදනය මුද්‍රණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.
අදාළ ගැසට් නිවේදනය මුද්‍රණ කටයුතු සඳහා සුදානම් කරමින් ඇති බවයි රජයේ මුද්‍රණාලයේ අධිපති ගංගානි කල්පනී ලියනගේ මහත්මිය පැවසුවේ.
අද දවස තුළ ගැසට් නිවේදනය මුද්‍රණයට පියවර ගන්නා බව ද ඇය ප්‍රකාශ කළා.
මේ අතර ඉදිරි මහ මැතිවරණය පැවැත්වෙන දිනය මේ සතිය තුළ ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව ද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සඳහන් කළා.
More Stories
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ
විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඉහළට
ජනපති සමඟ එක්ව IMF ගිවිසුම සංශෝධනය කරන්න සජිත් සුදානම් – සජිත්