බංග්ලාදේශයේ මංගල උත්සවයක් අතරතුර අකුණු සැර වැදීම හේතුවෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබේ.
මනමාලයා ඇතුළු තවත් 14 දෙනෙකු එහිදී තුවාල ලබා ඇති බවද බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරයි.
අදාළ පිරිස බෝට්ටුවකින් ගඟක් තරණය කර මනාලියගේ නිවසට යන අතරමග හටගත් ගිගුරුම් සහිත වැසි සමග අකුණු සැර කිහිපයක් එල්ල වී තිබේ.
අකුණු සැර එල්ල වන අවස්ථාවේ එම කණ්ඩායම සමග මනාලිය රැඳි සිට නොමැති බවද වාර්තා වේ.
බංග්ලාදේශයේ අකුණු අනතුරු බහුලව වාර්තා වන අතර පසුගිය මැයි මාසයේ පමණක් අකුණු සැර වැදීම්වලින් පුද්ගලයින් 200 කට වැඩි පිරිසක් මියගොස් තිබේ.
More Stories
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ
චීන නාවික හමුදා පුහුණු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව කරුණු විකෘති කිරීම කෙරෙහි චීන ජාතික ආරක්ෂක අමාත්‍යංශය ප්‍රතිචාරය දක්වයි
ඇමරිකානු නව පරිපාලනය සම්බන්ධයෙන් ගෝලීය සමීක්ෂණයක්