චීන ජනාධිපති බ්‍රික්ස් ව්‍යාපාරික සංසදයේ සමාරම්භක උත්සවයට එක්වෙයි.
22වැනිදා සවස බ්‍රික්ස් ව්‍යාපාරික සංසදයේ සමාරම්භක උත්සවයට වීඩියෝ තාක්ෂණයෙන් සහභාගී වූ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා “කාලයේ ප්‍රවණතාව ග්‍රහණය කර ගනිමින් දීප්තිමත් අනාගතයක් නිර්මාණය කිරීම” යන මැයෙන් ප්‍රධාන දේශනයක් පැවැත්වීය.
ජනාධිපතිවරයා පැවසුවේ ඉතිහාසය අපට පවසන්නේ, සාමය මනුෂ්‍ය වර්ගයාගේ පොදු අපේක්ෂාවක් වන අතර සෑම පාර්ශ්වයක්ම ඒ වෙනුවෙන් උත්සාහ කිරීම සහ එය පවත්වාගෙන යාම අවශ්‍ය වන බවයි.සෑම කෙනෙකුම සාමය අගය කර, සාමය ආරක්ෂා කරන විට සහ යුද්ධයේ කටුක පාඩම් සිහිපත් කරන විට පමණක් සාමයට බලාපොරොත්තුවක් තැබිය හැකි වේ.එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියේ මුල් අභිප්‍රාය අමතක නොකළ යුතු අතර සාමය ආරක්ෂා කිරීමේ මෙහෙවර මනසේ තබා ගත යුතු යැයි ෂී ජින් පිං ජනාධිපතිවරයා පැවසීය.
ඉකුත් ශතවර්ෂය තුළ ලෝකයේ ඇති වූ වෙනස්කම් සහ සියවසේ වසංගත තත්ත්වය එකිනෙකට බැඳී ඇති වර්තමානයේදී, විවිධ ආරක්ෂක අභියෝග එකින් එක මතුවෙමින් තිබේ. ලෝකය ආර්ථික ප්‍රකෘතිය උදෙසා අරගල කරමින් සිටී. ගෝලීය සංවර්ධනය ද බරපතල පසුබෑමකට ලක්ව ඇත. ජාත්‍යන්තර තත්ත්වය වෙනස් වුවද, විවෘත වීමේ සහ සංවර්ධනයේ ඓතිහාසික ප්‍රවණතාව හෝ අභියෝගවලට මුහුණ දීම සඳහා එකට වැඩ කිරීමේ ආශාව වෙනස් නොවනු ඇත. අභියෝගවලට මුහුණ දී නිර්භීතව ඉදිරියට යා යුතුයැයි චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
නව යුගයේ සංවර්ධනය අත්පත් කර ගනිමින්, සියලු රටවල ජනතාවට ප්රතිලාභ ලබා දිය යුතු යැයි ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.
මනුෂ්‍ය වර්ගයාගේ පොදු අපේක්ෂාව ගැන චීන ජනපති පහදයි

More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි