මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඩුවම නියම කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කල නියමය අත්හිටුවීමේ නියෝගයක් ඉල්ලා ගොණු කල මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ලබන මස 11 වනදා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එම පෙත්සම් විභාග කිරීමටයි බුවනෙක අලුවිහාරේ / යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද නියම කලේ.
හිටපු ජනාධිපතිවරයාගේ නියමය අත්හිටුවමින් නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගයද එදින දක්වා නැවතත් දීර්ඝ කෙරුණා.
එල් ටී බී දෙහිදෙණිය / විජිත් මලල්ගොඩ / මෘර්දු ප්‍රනාන්දු / එස් තුරෙයිරාජා සහ ගාමිණී අමරසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් ලබන 11 වනදා විභාග කිරීමට නියමිතයි.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි