දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ, කොතලාවල විදුහල ඉදිරිපිටදී සිදුවූ අනතුරකින් මවක් සහ දියණියක් තුවාල ලබා රෝහල්ගතකර ඇති අතර අනතුර සිදුකළ මෝටර් රථය පළාගොස් ඇති බව පොලීසිය පවසයි.
සිද්ධියෙන් තුවාල ලැබූ දියණියගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.
කුරූණෑගල දෙස සිට දඹුල්ල දෙසට ධාවනය වූ මොටර් රථයක් එම දෙසටම ධාවනය වූ යතුරුපැදියක ගැටී ඊයේ (17) එම අනතුර සිදුව තිබුණා.
අනතුර සිදුකර පළා ගිය මෝටර් රථයේ රියදුරු සොයා විශේෂ පොලිස් කාණ්ඩායමක් යොදවා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
අනතුර සිදුවන ආකාරය මාර්ගය අසල වෙළෙඳසැළක සවිකර තිබූ CCTV කැමරාක මෙසේ සටහන්ව තිබුණා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට