මස් වැඩිපුර කනවානන් මේ ගැනත් දැනගන්න
රක්ත වර්ණ සහ සකස්කළ මාංශ වර්ග අනුභව කිරීම මගින් හෘද රෝග ඇතිවිය හැකි බව නවතම පර්යේෂණයකින් තහවුරු වී තිබේ.

එම තත්ත්වය “කිරීටක ධමණි රෝග” ලෙසද හැඳින්වෙන අතර එමගින් ලොව පුරා පුද්ගලයින් විශාල ගණනක් මරණයට පත්වීම හෝ විවිධ ආබාධයන්ට ලක්වීම සිදුවේ.
හෘදයට රුධිරය සපයනු ලබන රුධිර නාළිකා අභ්‍යන්තර පෘෂ්ඨ මත කොටෙස්ටරෝල් තැන්පත්වීමෙන් එම රෝගී තත්ත්වය වර්ධනය වෙයි.
පුද්ගලයින් මිලියන 1.4ක ගේ තොරතුරු ආශ්රයෙන් එම පර්යේෂණය කර ඇති අතර එම පර්යේෂකයින් වසර 30ක් පුරා පර්යේෂණයට ලක්වූ පිරිස ගැන අවධානයෙන් සිට තිබේ.
විශේෂයෙන්ම හරක් මස්, බැටළු මස් සහ ඌරු මස් අනුභව කරන්නේ නම් අවදානම වැඩි බව හෙළිවී ඇත.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති