මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා, නිට්ටඹුව මූලස්ථාන පොලීසියේ නිලධාරීන්ගේ සහ පොලිස් ස්ථානයේ පවතින ගැටලු සහ අඩුපාඩු සොයා බැලීම සඳහා හදිසි නිරීක්ෂණ චාරිකාවක අද දින (16) යෙදින.
එහිදී එම පොලිස් ස්ථානයේ ඇති අඩුපාඩු පිළිබදව සොයා බැලූ අමාත්‍යවරයා එහි ඇති අඩුපාඩු සකසා ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්හ.
“වැරදි කලොත් විතරයි බය වෙන්න ඕනේ මාත් එක්ක. නැත්නම් අපි ඉතා සුහදව තමයි වැඩේ කරන්න යන්නේ. මට ජනාධිපතිතුමා දීලා තියෙන රාජකාරිය තමයි රටේ ජනතාවට බියෙන් සැකෙන් තොරව ඉන්න පුළුවන් වාතාවරණයක්. මේ රටේ කප්පන් තියෙන්න බෑ, පාතාලයේ තියෙන්න බෑ,මංකොල්ලකෑම් තියෙන්න බෑ, ස්ත්‍රී දූෂණ තියෙන්න බෑ. දඩුවම් කරනවට වඩා ඒක නොවෙන තැනට අපි වැඩ කරන්න ඕනේ. ඒක කරන්නේ ඕගොල්ලො නම් ඕගොල්ල හොඳට ස්මාට් එකට සතුටින් ඉන්න ඕනේ.”යැයිද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට