ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ඇතුළු සියලුම සාමාජිකයන් ඉල්ලා අස්වී තිබේ.
කොමිසමේ සභාපති මහාචාර්ය කිත්සිරි ලියනගේ ඇතුළු සාමාජිකයන් පස්දෙනාට වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල විසින් අද (08) උදෑසන දැනුම්දී තිබිණි.
එමෙන්ම සුගිය දෙසැම්බර් පළවෙනිදා ජනාධිපති ලේකම් විසින් පී.බී ජයසුන්දර විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් මගින් දැනුම් දී තිබුණේ මහජන උපයෝගීතා කොමිසම වසාදමා එහි සේවකයන් විදුලි බල මණ්ඩලයට සහ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව අනියුක්ත කරන ලෙසය.
එහෙත් කොමිෂන් පනතේ බලතල අනුව එහි සාමාජිකයන් ඉල්ලා අස්වුවහොත් හැර ඇමතිවරයාට ඔවුන් ඉවත් කිරීමේ බලයක් නැතිවා මෙන්ම ජනාධිපතිවරයාගේ නියෝග අනුව මෙම කොමිසම අහෝසි කිරීමේ හැකියාවක්ද නොමැති අතර එම පනත අහෝසි කළ යුතු වන්නේ පාර්ලිමේන්තුව විසිනි.
මහජන උපයෝගීතා කොමිසමේ වර්තමාන සභාපතිවරයා වන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්ය කිත්සිරි ලියනගේ මහතාය. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, මුදල් අමාත්‍යාංශයේ නියෝජිත චන්ද්‍රා ඒකනායක, ආචාර්ය නිශාන්ත ද මෙල් සහ නීතීඥ සඳුන් ගමගේ එහි සෙසු සාමාජිකයෝ වෙති.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්