අද (24) දිනයේදී පැය 24ක සංකේත වැඩ වර්ජනයක නිරත වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පවසයි.
අද (24) 08 වැනි දිනට ක්‍රියාත්මක වෘත්තීය ක්‍රියාමාර්ගයට මේ දක්වා සාධනීය ප්‍රතිචාරයක් ලැබී නොමැති නිසා අද (24) දින දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි මහජන සෞඛ්‍ය පරීක්ෂණවරුන් අසනීප නිවාඩු වාර්තා කර ඇති බවත් සඳහන් කළා.
ගොඩනැගිලි අයදුම් පත්‍ර පරීක්ෂාව, වෙළඳ සැල් පරීක්ෂාව, ආහාර සෞඛ්‍ය කටයුතු පරීක්ෂාව, කැළිකසල කළමනාකරණ කටයුතු ආදී කටයුතු සියල්ලක්ම අද දිනයේ සිට නවතින බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පෙන්වා දුන්නේ.
මහේන්ද්‍ර බාලසූරිය මහතා වැඩිදුරටත් කියා සිටියේ, මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සිය සංගමය අද පෙරවරුවේ මාධ්‍ය සාකච්ජාවක් පවත්වා ඉදිරි ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරිමට පියවර ගන්නා බවයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්