ගම්පහ දිස්ත්‍රික්කය තුළ සේවයේ නියැලී සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ ශිෂ්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 27 දෙනෙකු අද (06) දින නිරෝධායනය සදහා යොමු කර ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පවසා සිටියා.
ඊයේ වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ සේවය කරමින් සිටි ශිෂ්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු සිය දෙවන පී.සී.ආර්. පරීක්ෂණයේ දී කොරෝනා ආසාදිත බවට තහවුරු වීමත් සමග, ඔහු සමග සේවය කළ තවත් මහජන පරීක්ෂකවරුන් 05 දෙනෙකු පළමු ආශ්‍රිතයන් ලෙස, වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේත් , මෙම ශිෂ්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සමග සේවයට පැමිණ සිටි තවත් ශිෂ්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 21 දෙනෙකු ද මේ වනවිට වේයන්ගොඩ , නයිවල ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත ද යොමු කර ඇති බවයි වෛද්‍ය මිගාර මහතා පැවසුවේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 16 හි සේවය කිරීම සදහා කළුතර පිහිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 50 දෙනෙකු පමණ ගම්පහ දිස්ත්‍රික්කයට අනුයුක්ත කර තිබුණ අතර එයින් මේ වනවිට 28 දෙනෙකු නීරෝධායනයට ගම්පහ දිස්ත්‍රික්කය තුළ යොමු කර ඇති බව සඳහන්.
ඉතිරි ශිෂ්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 22 දෙනා කළුතර පුහුණු මධ්‍යස්ථානයේ නීරෝධායනය සදහා යොමු කර ඇති බවයි මිගාර ඈපා මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්