පසුගිය පාර්ලිමේන්තු මැතිවණයේ එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ධූරාපේක්ෂක ජනාර්ත් රාජරත්නම් සහ අබ්දුල් මුතාලිෆ් යන මහත්වරු අද (15) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය සමග එක් ව ඉදිරි දේශපාලන කටයුතු කිරීමට තීන්දු කළහ.
ජනාර්ත් රාජරත්නම් මහතා නීතිවේදීයෙකු වන මහතා පසුගිය මැතිවරණයට ඉදිරිපත් වනවිට විසිතුන් හැවිරිදි වියේ පසුවිය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.රාජරත්නම් මහතා ජනාර්ත් රාජරත්නම් මහතාගේ පියා වන අතර ඔහුද දීර්ඝ කාලීනව දේශපාලනයේ නිරතව සිටිමින් ජන ප්‍රසාදය දිනා ගත් නායකයෙකි.
මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන අබ්දුල් මුතාලිෆ් මහතා වෘත්තියෙන් කෘෂිකාර්මිකයෙකු මෙන්ම ව්‍යාපාරිකයෙකුද වෙයි.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව