ඉකුත් මහ මැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කය සඳහා ප්‍රකාශිත ඡන්ද යළි ගණනය කර අලුතින් ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන ලෙස දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
මහනුවර දිස්ත්‍රික්කය සදහා ඉකුත් මහ මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායම් අංක 01 යටතේ තරග කළ මහසෝන් බලකායේ ප්‍රධානි අමිත් වීරසිංහ මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.
එහි වගඋත්තරකරුවන් ලෙස මහනුවර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ඇතුළු 19 දෙනෙකු නම් කර තිබේ.
ඉකුත් මහ මැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කය සඳහා ප්‍රකාශිත ඡන්ද ගණනය කිරීමේදී අක්‍රමිකතා රැසක් සිදුවී ඇති බවත් ඒ හේතුවෙන් තමන්ට පාර්ලිමේන්තුව සඳහා තේරී පත්වීමට නොහැකි වූ බව ද ඔහු සිය පෙත්සමෙන් කියා ඇති බව වාර්තාවේ.
More Stories
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක
පළාත් පාලන මැතිවරණ පැමිණිලි ගැන නිවේදනයක්