මහනුවර ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයේ තවත් 16 දෙනෙකු කොවිඩ් 19 වෛරස් ආසාදනයට ලක්ව ඇති බව රෝහල් අධ්‍යක්ෂිකා, වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි.
ඒ අතර වෛද්‍යවරයකු සහ හෙද කාර්ය මණ්ඩලයේ 07 දෙනෙකු සිටින බවයි ඒ මහත්මිය සඳහන් කළේ.
මෙම රෝහලේ උගුර කණ නාසය සායනයේ හෙදියන් දෙදෙනෙකු මීට පෙර කොවිඩ් ආසාදිතයින් වශයෙන් තහවුරු වූ අතර එම සායනයේ සෙසු කාර්ය මණ්ඩලය PCR පරීක්ෂණයට ලක් කිරීමේදී මෙසේ තවත් 16 දෙනෙකු ආසාදිතයින් වශයෙන් හඳුනාගෙන ඇත.
ඒ අනුව එම සායනය වසා දැමීමටත් උගුර කණ නාසය ප්‍රතිකාර ඒකකයට රෝගීන් ඇතුළත් කරගැනීම තාවකාලිකව අත්හිටුවීමටත් කටයුතු කර ඇති බවත් රෝහල් අධ්යක්ෂ වෛද්‍යවරිය ප්‍රකාශ කළාය.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ