මහනුවර නගර සීමාවේ සියලුම පාසැල් දෙසැම්බර් මස 04 වෙනිදා දක්වා වසා තැබීමට තීරණය කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතා ප්‍රකාශ කර සිටියි.
කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් දරුවන් පාසැල් එවීම සුදුසු නොවන බවට දිගින් දිගටම දෙමව්පියන්, පාසැල් කමිටු විසින් සිදු කළ ඉල්ලීමට අනුව මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව මහනුවර නගර සිමාවේ පාසැල් 56ක් අද සිට වසා තැබීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා උපදෙස් ලබාදී තිබේ.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට