කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය සතියේ වසා තැබුණු මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් 42ක අධ්‍යයන කටයුතු අද යළි ආරම්භ කර තිබෙනවා.
කෙසේ වෙතත් නගරයේ පාසල් තුනක් තවදුරටත් වසා තැබෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කළා.
මහනුවර ප්‍රදේශයෙන් වාර්තාවන කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමත් සමග පාසල් 45ක අධ්‍යයන කටයුතු නතර කෙරුණේ පසුගිය සතියේ දී.
කෙසේ වෙතත් මහනුවර ප්‍රදේශයේ පවතින තත්ත්වය පළාත් කොවිඩ් කමිටුව සමාලෝචනය කිරීමෙන් අනතුරුව පාසල් 42ක් යළි විවෘත කිරීමට තීරණය කළ බවයි ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා සඳහන් කළේ.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්