මහනුවර, බූවැලිකඩ ප්‍රදේශයේ තට්ටු පහකින් සමන්විත ගොඩනැගිල්ලක් ගිලා බැසීමකට ලක්ව තිබේ.
එය අසළ වූ නිවසක් මතට කඩා වැටී ඇති බව සඳහන්.
ඒ අනුව යාබද නිවසක සිරවී ඇති 5 දෙනෙකු බේරා ගැනීමට විශේෂ මෙහෙයුමක් මේ වනවිට සිදුකරමින් පවතින බව පොලීසිය පවසයි.
ගොඩනැගිල්ල ගිලා බැසීමේ දී නිවසේ සිර ව සිටි අය අතුරින් මාස එක හමාරක් වයසැති බිළිඳා මේ වනවිට සොයා ගෙන ඇති අතර රෝහල් ගත කිරීමෙන් පසු බිළිඳා ජීවිතක්ෂයට පත්ව තිබේ.
තවත් දෙදෙනෙකු බේරාගත් බවයි වාර්තා වන්නේ. තවත් දෙදෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි