මහනුවර මහයියාව වේවැල්පිටිය බර ඉසිලීමේ පුහුණු මධ්‍යස්ථානය ඊයේ (14) දින ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.
එහි පුහුණුකරු ආර්.බී. වික්‍රමසිංහ මහතා විසින් ආසියානු මට්ටමේ රිදී පදක්කමක් ලබා ගැනීමට හැකි අන්දමේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කළ මෙම පුහුණු මධ්‍යස්ථානය දෙමහල් ගොඩනැගිල්ලක් බවට පත් කර අංග සම්පුර්ණ ජාත්‍යන්තර මට්ටමේ පුහුණු මධ්‍යස්ථානයක් බවට සංවර්ධනය කර දීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා එහිදී පොරොන්දු වූවා.
මෙම අවස්ථාව සදහා අමාත්‍ය දිලුම් අමුණුගම හා රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ යන අමාත්‍යවරු සහභාගී විය.



More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ