මහරගම, පමුණුව දුම්රියපොළ මාවතේ නිවාස සංකීර්ණයක ගෙල වැලලාගෙන කාන්තාවක් මියගොස් තිබේ.
එලෙස මියගොස් ඇත්තේ, අඹගස්වැව, හිරියාල, තරණ ගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි අභයකෝන් මුදියන්සේලාගේ ඉවන්තිකා කුමාරි නැමති 28 හැවිරිදි නර්තන ශිල්පිනියක් මෙලෙස මියගොස් ඇති බව බව පොලීසිය පවසයි.
ඇය ගෙල වැලලාගෙන සිටි ලණුවෙන් මුදාගෙන පුද්ගලයෙකු විසින් රෝහලට රැගෙන ගිය බවට ඊයේ රාත්‍රියේ පොලීසියට ලද දුරකථන ඇමතුමක් මත පරීක්ෂණ ආරම්භ කර තිබේ.
එම පැමිණිල්ල අනුව වහා ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා එම නිවාස සංකීර්ණයට ගොස් විමර්ශන ආරම්භ කර නුගේගොඩ අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ නිලධාරීන් ද කැඳවා විශේෂඥ විමර්ශනයක් ද ආරම්භ කර ඇත.
ගෙල වැල ලාගෙන සිටි කාන්තාව කළුබෝවිල රෝහලට රැගෙන ගිය පුද්ගලයා එම රෝහලේ සිටින බවට පොලීසියට ලද තොරතුරක් අනුව රෝහල කරා පොලිස් නිලධාරියෙකු පිටත්කර එම පුද්ගලයා ද නිවාස සංකීර්ණය වෙත රැගෙන ඒමට කටයුතු කර තිබූ බව පොලීසිය පැවසීය.
එම කාන්තාව රෝහලට රැගෙන යන විටත් මිය ගොස් තිබූ බවට එම පුද්ගලයා ප්‍රකාශයක් ලබාදී තිබේ.
නිකවැරටිය මිල්ලගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක් වන එම ව්‍යාපාරිකයා දරුවන් තිදෙනකු සිටින විවාහක පුද්ගලයෙක් බව පොලීසිය පවසයි.
එම පුද්ගලයා මියගිය කාන්තාව සමග මීට මාස දහයකට පමණ පෙර අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් තිබූ අතර එකී කාලයේ සිට මාසිකව රුපියල් 30,000 ක කුලී මුදලකට සුඛෝපභෝගී නිවාස සංකීර්ණයෙන් නිවසක් ලබාගෙන එම කාන්තාව පදිංචිකරවා ඇතැයි අනාවරණය වී තිබේ.
එම පුද්ගලයා දින කිහිපයකට වරක් එම නිවසට පැමිණීම පුරුද්දක් කරගෙන තිබූ බව ද වාර්තා වේ.
මියගොස් සිටින කාන්තාව ද විවාහයෙන් දික්කසාද වූ තැනැත්තියක් බවත් මීට වසර 5කට පෙර සිය ගම් ප්‍රදේශයෙන් පිටත්ව කොළඹ ප්‍රදේශයේ විවිධ රැකියාවන්වල නිරත ව සිට ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අදාළ කාන්තාව ගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.
මහරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. කේ රත්නසිංහම් මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්