මහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධියෙන් කිසිදු රැඳවියෙකු බන්ධනාගාර නිලධාරීන්ගේ හෝ විශේෂ කාර්ය බලකායේ වෙඩි පහරවලින් මරණයට පත්ව නැතැයි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පවසනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන්, රැඳවියන් ඇතුළු 56 දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කරනවා.
අදාළ සිද්ධියෙදී දේපළ හානි සිදුකළ පුද්ගලයින්ට එරෙහිව කටයුතු කරන බවද, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසනවා.
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී සිද්ධියේදී රැඳවියන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුනා.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග