මහර බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් මියගිය රැදවියන් දෙදෙනෙකුගේ මෘත ශරීර ඥාතීන් විසින් හදුනාගෙන තිබෙනවා.
එම රැදවියන් දෙදෙනාගෙන් අයෙක් ජාඇල කලුපාලම ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු මත්ද්‍රව්‍ය වරදක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.
ඥාතීන් විසින් හදුනාගෙන ඇති අනෙක් රැදවියා වත්තල හුණුපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31ක් පමණ වන අයෙක්.
මහර බන්ධනාගාරයේ ගැටුමෙන් මියගිය පුද්ගයන් අතරින් තවත් 9 දෙනෙකුගේ අනන්‍යතාව මේ දක්වා තහවුරු වී නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග